මධ්‍යම නයිජීරියාවේ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට

මධ්‍යම නයිජීරියාවේ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට

මධ්‍යම නයිජීරියාවේ Plateau ප්‍රාන්තයේ Mangu ප්‍රදේශයේ යළිත් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසනවා

දින දෙකක අන්තර් වාර්ගික ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ

ප්‍රතිවාදී ජනවාර්ගික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම්වලදී දේවස්ථාන කිහිපයකට ගිනි තබා දිනකට පසු Mangu නගරය ආසන්නයේ ගම්මාන සන්නද්ධ මිනිසුන් විසින් ඉලක්ක කර තිබුණා

නයිජීරියානු හමුදාවේ ප්‍රකාශක ජෙනරාල් Edward Buba කියා සිටියේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රාන්තයේ ගැටුම් පවතින ස්ථාන වෙත විශේෂ බලකායන් යොදවා ඇති බවයි.

Share This