මහ මැතිවරණයට යන වියදම

මහ මැතිවරණයට යන වියදම

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වන බවට ඇස්තමේන්තු කර ඇති රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු සම්බන්ධයෙන් වබ සාකච්ඡා දෙකක් ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර පසුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සමග ද පවත්වා තිබෙනවා.

Share This