මොංගෝලියාවේ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් හයක් මරුට

මොංගෝලියාවේ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් හයක් මරුට

මොංගෝලියාවේ අගනුවරදී ටොන් 60ක ද්‍රව ස්වභාවික වායුව රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ට්‍රක් රථය පුපුරා යාමෙන් පසු ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යවා ඇති බවයි බලධාරීහු පවසන්නේ .

අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවත් , ගින්න අවට ගොඩනැගිලි වෙත පැතිර ගොස් ඇති බවත් සඳහන් .

මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැති Sainbuyan Amarsaikhan සඳහන් කරන්නේ කිසිදු ගොඩනැගිල්ලක් ඇතුළතින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි

Share This