මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් යුක්‍රේනයට යමින් සිටියදී අත්අඩංගුවට

මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් යුක්‍රේනයට යමින් සිටියදී අත්අඩංගුවට

මොස්කව් නුවර ප්‍රසංග ශාලාවේදී 133 දෙනෙකු ඝාතනය කරමින් වෙඩි තැබීම් සිදුකළ තුවක්කුකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ප්‍රහාරකයින් ගොඩනැගිල්ලට කඩා වැදී, ඉවක් බවක් නොමැතිව සිදුකළ වෙඩි තැබීම නිසා පුද්ගලයින් 133 දෙනෙකු මිය ගිය අතර 140 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

බලධාරීන් පවසන්නේ මේ වනවිට ඊට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කුකරුවන් හතර දෙනා යුක්‍රේනය බලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම (IS ) පවසන්නේ ප්‍රහාරය පිටුපස සිටියේ තමන් බවයි.

Share This