යාත්‍රාවක් අනතුරට ලක්වී පාකිස්ථාන ධීවරයින් 12 දෙනෙකු මරුට

යාත්‍රාවක් අනතුරට ලක්වී පාකිස්ථාන ධීවරයින් 12 දෙනෙකු මරුට

අරාබි මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය පාකිස්ථාන ධීවරයින් 12 දෙනෙකු මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවටයි සැක පළ කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ 45 දෙනෙකු පමණ සිට ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කරන බව බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

Share This