යුක්‍රේන ප්‍රහාර මධ්‍යයේ බෙල්ගොරොඩ් ප්‍රදේශයෙන් ළමුන් 9,000ක් ඉවත් කරයි

යුක්‍රේන ප්‍රහාර මධ්‍යයේ බෙල්ගොරොඩ් ප්‍රදේශයෙන් ළමුන් 9,000ක් ඉවත් කරයි

ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පසු ළමුන් 9,000 ක් පමණ රුසියානු නගරයක් වන බෙල්ගොරොඩ් කලාපයෙන් ඉවත් කිරීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් යුක්‍රේනයට දොස් පවරා ඇති බව සඳහන්.

බෙල්ගොරොඩ් කලාපයට එල්ල කරඇති ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම මෙම සතිය තුළ පමණක් එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් 98 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

Share This