යේමනයේ Houthi කැරලිකරුවන් ග්‍රීක නැවකට පහර දෙයි

යේමනයේ Houthi කැරලිකරුවන් ග්‍රීක නැවකට පහර දෙයි

යේමනයේ Houthi කැරලිකරුවන් යේමනයට ඔබ්බෙන් වූ රතු මුහුදේදී තවත් නෞකාවකට පහර දී ඇති බව ඉරානයේ පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම පවසනවා.

ග්‍රීක සමාගමට අයත් තොග ප්‍රවාහන නෞකාවක් වන Zografia වියට්නාමයේ සිට ඊශ්‍රායලය බලා යාත්‍රා කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වු බවයි පැවසෙන්නේ.

සුළු හානියක් පමණක් සිදුව ඇති බව පැවසෙන අතර පසුගිය සතියේ මෙහෙයුමකදී Houthi කැරලිකරුවන්ට ඉරානයෙන් සැපයූ ආයුධ අත්පත් කර ගත් බව එක්සත් ජනපද හමුදාව නිවේදනය කිරීමත් සමඟ මෙම සිදුවීම සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර, එක්සත් ජනපදය යේමනයේ Houthi කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල තවත් ඉලක්කවලට පහර දී තිබෙනවා

Share This