රජයේ උත්සව අවස්ථාවලට රතු පලස් භාවිත කරන්න එපා -පාකිස්ථාන අගමැතිගෙන් නියෝග

රජයේ උත්සව අවස්ථාවලට රතු පලස් භාවිත කරන්න එපා -පාකිස්ථාන අගමැතිගෙන් නියෝග

නිල උත්සව අවස්ථාවන්හිදී රතු පලස් භාවිතය නවත්වන ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරුන්ගේ සහ එරට රජයේ ඉහළ නිලධාරීන් සහභාගී වන උත්සව අවස්ථාවන්වලදී රතු පලස් භාවිත කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අදාළ උපදෙස් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන අවස්ථාවලදී පමණක් මින් ඉදිරියට රතු පලස් භාවිත කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

Share This