රට හදන තැන අපිරිසිදු මුළුතැන් ගෙය

රට හදන තැන අපිරිසිදු මුළුතැන් ගෙය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි තත්ත්වය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් හෙළි කළා.

පාර්ලිමේන්තුවේ ආහාර අනුගමනය කිරීමෙන් මන්ත්‍රිවරුන්ට පාචන තත්ත්වයක් ඇතිවේ යැයි තමන්ට බියක් හටගෙන ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

පාර්ලිමේන්තු ආපනශාලා තත්ත්වය පිළිබඳ හෙළිකරමින් කථානායකවරයා ඊයේ (19) සඳහන් කළේ පාර්ලිමේන්තු මුළුතැන්ගෙය එතරම්ම අපිරිසිදු තත්ත්වයේ පවතින බව තමන් කළ සායාබැලීමකදී හෙළිවූ බවයි.

පාර්ලිමේන්තු මුළුතැන්ගෙය අතිශය අපිරිසිදු තත්ත්වයක තිබෙන අයුරු තමන් සියැසින් දුටු බව එහිදී ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව අප පාර්ලිමේන්තු භෝජනාගාරය සහ මුළුතැන්ගෙය භාර ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී සඳහන් කළේ පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ඇති අඩුපාඩු සම්පූර්ණ කර දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු බලධාරින්වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම මීට වසර 40කට පමණ පෙර 500 කට අඩු පිරිසකට ආහාර පිසීමට හැකි පරිදි ඉදිකර ඇති පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී 1800-2000 අතර සංඛ්‍යාවකට ආහාර පිසීමට සිදුව ඇති බවත්, ඔහු සඳහන් කළා.

ඊට අමතරව රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී 1200 – 1500 අතර සංඛ්‍යාවකට ආහාර පිසීම සිදු කෙරෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේම එහි නවීකරණ කටයුතු සිදුකර දෙන ලෙස පාර්ලිමේන්තු ඉහළ නිලධාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණත් පළක් නොවූ බවයි.

Share This