ලොව විශාලතම යෝධ රෙඩ්වුඩ් ගස් එක්සත් රාජධානියෙන්

ලොව විශාලතම යෝධ රෙඩ්වුඩ් ගස් එක්සත් රාජධානියෙන්

යෝධ රෙඩ්වුඩ් ලෙස හඳුන්වන ලොව විශාලතම ගස් එක්සත් රාජධානියේ වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගස් කැලිෆෝනියාවේ ඔවුන්ගේ නිජබිම්වල දක්නට ලැබෙන ගස් සංඛ්‍යාවට වඩා වැඩි බවයි සඳහන් වන්නේ.

යෝධ රෙඩ්වුඩ්ස් ප්‍රථ වරට එක්සත් රාජධානියට ගෙන ආවේ මීට වසර 160 කට පමණ පෙරයි.

කැලිෆෝනියාවේ ගස් 80,000 ට සාපේක්ෂව එක්සත් රාජධානියේ ඇස්තමේන්තුගත ගස් 500,000 ක් තිබෙනවා.

කෙසේ වෙතත් එංගලන්තයේ වර්ධනය වෙමින් පවතින ගස් කැලිෆෝනියාවේ ගස් තරම් උස නොමැති බවද සඳහන්.

කැලිෆෝනියාවේ ගස් මීටර් 90 ක උසකින් ඇති අතර එක්සත් රාජධානියේ ගස්වල උස මීටර් 54.87ක් වනවා.

යෝධ රෙඩ්වුඩ්වලට වසර 2,000කට වඩා වැඩි කාලයක් ආයු ඇති අතර මෙම ගස්වල වර්ධනය පරිසරයට වඩාත් හිතරක බවයි එරට පරිසරවේදීන් පෙන්වා දී ඇත්තේ.

Share This