ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වී තිබෙනවා.

ඒ, මුම්බායිහි පැවති 2024 ලෝක රූ රැජිණ තරගයේදීයි.

එහිදී අනුශූරිය බවට පත් වුයේ ලෙබනනයේ යස්මිනා සයිටූන්.

ඉන්දියාව ලෝක රූ රැජිණ තරගයක සත්කාරකත්වය මෙවර දැක්වූයේ වසර 28කට පසුවයි.

එහිදී ඉන්දියාව නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ සිනි ෂෙට්ටි අවසන් 8 දෙනා අතරට පැමිණීමට සමත් වුණා.

ලොව රටවල් 112ක තරගකාරියන් මෙවර පැවති 71 වැනි ලෝක රූ රැජිණ තරගය සඳහා සහභාගී වී සිටියා.

Share This