වසර 100 කට පමණ පසු Gustav Klimt ගේ සිතුවමක් වියානා නගරයෙන් හමුවෙයි

වසර 100 කට පමණ පසු Gustav Klimt ගේ සිතුවමක් වියානා නගරයෙන් හමුවෙයි

ඔස්ට්‍රියානු චිත්‍ර ශිල්පී Gustav Klimt විසින් නිර්මාණය කළ බවට විශ්වාස කෙරෙන ලද සිතුවමක් වසර 100කට පමණ පසු වියානා නගරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

“Fraulein Lieser ගේ ප්‍රතිමූර්තිය” වරක් ඔස්ට්‍රියාවේ යුදෙව් පවුලකට අයත් වූ අතර එය අවසන් වරට ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ 1925 දී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඉන් පසු එහි තත්ත්වය අපැහැදිලි නමුත් එහි වර්තමාන අයිතිකරුවන්ගේ පවුල සතුව 1960 ගණන්වල සිට සිතුවම තිබී තිබෙන බව සඳහන්

im Kinsky වෙන්දේසි ආයතනය විසින් සිතුවමේ වටිනාකම ඩොලර් මිලියන 54 ඉක්මවන බවද පවසා තිබෙනවා

මෙවැනි දුර්ලභ, කලාත්මක වැදගත්කමකින් සහ වටිනාකමින් යුත් සිතුවමක් මධ්‍යම යුරෝපයේ කලා වෙළඳපොලේ දශක ගණනාවක් තිස්සේ නොතිබුණ බවයි im Kinsky වෙන්දේසි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම සිතුවම අප්‍රේල් 24 දින වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන බවද සඳහන්

වෙන්දේසියට පෙර මෙම සිතුවම එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ හොංකොං ඇතුළු විවිධ ජාත්‍යන්තර ස්ථානවල ඉදිරිපත් කිරීමට නියමිත බව වෙන්දේසි ආයතනය පවසනවා .

මෙම පින්තූරය වරක් වියානාහි ධනවත්, යුදෙව් කර්මාන්තකරුවන් වූ ලයිසර් පවුලට අයත්වූ එකක් බවද සඳහන්

චිත්‍ර නීතීඥයෙකු ඔස්ට්‍රියානු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙය දෙවන ලෝක සංග්‍රාමයට පෙර හෝ අතරතුරදී කොල්ලකෑම් හෝ සොරකම් කර ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බවයි.

Gustav Klimt ගේ සිතුවම් පසුගිය කාලයේ වෙන්දේසිවලදී විශාල මුදලක් ලබාගෙන ඇති බවද සඳහන්

ඔහුගේ “Lady with a Fan” සිතුවම ජුනි මාසයේදී පවුම් මිලියන 85.3 කට අලෙවි වූ අතර එය යුරෝපයේ මෙතෙක් වෙන්දේසියේ අලෙවි වූ වටිනාම කලා කෘතිය බවට පත්වුණා

Share This