වසර ගණනාවකට පසු චීනයේ විවාහ වන ජෝඩු ගණන ඉහළ යයි

වසර ගණනාවකට පසු චීනයේ විවාහ වන ජෝඩු ගණන ඉහළ යයි

චීනයේ 2023 දී රට තුළ අලුත විවාහ වූ පිරිස මිලියන 7.68ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය පෙර වසරට වඩා 12.4%ක ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව 2022 වසරට වඩා 2023 වසරේ දී එරට සිදුවූ විවාහ සංඛ්‍යාව 845,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ අගමැති Li Qiang මෙම මාසය ආරම්භයේ දී ප්‍රතිඥා දී ඇත්තේ “උපත් හිතකාමී සමාජයක් සහ දිගුකාලීන, සමබර ජනගහන සංවර්ධනයක්” සඳහා රජය කටයුතු කරන බවයි.

Share This