විපතට පත් වූවන් වෙනුවෙන් ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහන යටතේ ලේ දන්දීමේ කදවුරක්

විපතට පත් වූවන් වෙනුවෙන් ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහන යටතේ ලේ දන්දීමේ කදවුරක්

ආපදා තත්ත්වය හමුවේ රටේ ඇතිවූ රුධිර සංචිත හිගයට පිලියමක් ලෙස ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහන යටතේ සංවිධානය කරන ලේ දන්දීමේ කදවුර මේ වනවිටත් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුවනවා.

අපේම ජනතාවගේ ජිවිත රැකගන්නා මේ කර්තව්‍ය සදහා බොහෝ පිරිසක් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටියේ අද පෙරවරුවේ සිටයි.

නොසිතු මොහොතක රටට බලපෑ ස්වභාවික ආපදා තත්ත්වයෙන් බොහෝ දෙනෙකුට සිය ජිවිත අහිමිවුණා.

තවත් පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දුන්නා.

අනපේක්ෂිත ලෙස රටේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල්වල රුධිර සංචිතත් යම් අඩුවීමක් සිදුවුණා.

රටේ අවශ්‍යතාවකදී කවදත් මුල් තැනගන්නා ස්වර්ණවාහිනී අපි විපතට පත් ජනතාව වෙනුවෙන් දියත් කරනා ස්වර්ණ ශ්‍රී සහන සත්කාර මෙහෙයුම මේ වනවිට රටේම කතාබහට ලක්වී තිබෙනවා.

ඒ යටතේ තවත් ඉදිරි පියවරක් තබමින් අපේම මිනිසුන්ගේ ජීවිත රැකගන්න ජාතික රුධිර මධ්‍යාස්ථානය සමඟ ස්වර්ණවාහිනී එක්ව සංවිධානය කරන ස්වර්ණ ශ්‍රී සහන සත්කාර – ලේ දන් දීම මේ වනවිටත් පැවැත්වෙන්නේ ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයෙයි.

අසරණ වූ අපේ සහෝදර ජනතාව වෙනුවෙන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට පසුබට නොවන කාරුණික හදවත් ඇති බොහෝදෙනෙක් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග මෙතෙක් දිනක් අත්වැල් බැදගත්තා සේම අද උදෑසන සිට ලේ දන්දීමේ කදවුර සදහාත් බොහෝ පිරිසක් එක්ව සිටියා.

මේ වැඩසටහන සදහා කොතලාවල ආරක්ෂක රෝහල් ලේ බැංකුව , ජයවර්ධනපුර රෝහල් ලේ බැංකුව හා යුද හමුදා රෝහල් ලේ බැංකුව ද සහය දක්වනවා.

රටක් පීඩාවට පත්වූ මේ මොහොතේ අසරණවූ අපේ ජනතාවට හැකි සෑම අයුරකින්ම සහය වීම අප සැමගේ යුතුකමක්.

ඒ යුතුකම ඉටු කරන්නට ඔබ සමග එක්වන්නට ස්වර්ණවාහිනී අප කවදත් සුදානම්.

 

 

Share This