වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි

වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබෙනවා.

එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බවයි.

එමගින් පක්ෂයේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බව වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර තිබෙනවා.

Share This