ශ්‍රී ලංකාව,බංග්ලාදේශය සහ නේපලයේ පාලනයන් බිඳවැටීමට හේතු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක පවසයි

ශ්‍රී ලංකාව,බංග්ලාදේශය සහ නේපලයේ පාලනයන් බිඳවැටීමට හේතු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක පවසයි

බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව තුළ පාලන තන්ත්‍ර වෙනස්කම් ඇති වූයේ දුර්වල පාලනය නිසා බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් පවසනවා.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ජාතික එක්සත් දිනය නිමිත්තෙන් පාලනය පිළිබඳ සර්දාර් පටෙල් අනුස්මරණ දේශනය පවත්වමින් දෝවාල් මහතා අවධාරණය කළේ, “ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී” සහ ජාතික රාජ්‍යයක් ආරක්ෂා කිරීමේදී පාලනය “ප්‍රධාන කාර්යභාරයක්” ඉටු කරන බවයි.

පසුගිය වසර තුනහමාරක කාලය තුළ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු වෙනස් වීමට හේතු වූ නැගිටීම් පිටුපස ඇති හේතුව “දුර්වල පාලනය” බව ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා එහිදී පැවසුවා.

“මහා අධිරාජ්‍යයන්, රාජාණ්ඩු, කතිපයාධිකාරී, වංශාධිපතිත්වයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයන්හි නැගීම සහ වැටීම ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ පාලනයේ ඉතිහාසයක් බවයි දෝවාල් මහතා අවධාරණය කළේ.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ අනෙකුත් රටවල ව්‍යවස්ථා විරෝධී ක්‍රම හරහා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෑත කාලීන අවස්ථා වලදී, මේවා ඇත්ත වශයෙන්ම දුර්වල පාලනයේ අවස්ථා වූ බව අජිත් දෝවාල් මහතා ගේ අදහසයි.

” මෑත වසරවල ඉන්දියාවේ අසල්වැසි ප්‍රදේශවල දක්නට ලැබුණු දේශපාලන සංක්‍රාන්ති ගැන සඳහන් කරමින් දෝවාල් මහතා මේ අදහස් පළ කළා.

ජාතික ආරක්ෂක උපදේශකවරයා ගේ ප්‍රකාශය සිදු වූයේ නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් විසින් දැනට පරිපාලනය කරනු ලබන බංග්ලාදේශයේ 2026 පෙබරවාරි මැතිවරණය වර්ජනය කරන ලෙස හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අවාමි ලීග් ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීමෙන් ටික කලකට පසුව වීම විශේෂත්වයක්.

“ජාතියක් සුරක්ෂිත කිරීමේදී සහ එහි අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමේදී මෙන්ම ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී පාලනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරමි. අභ්‍යන්තර දුර්වලතා සහ අකාර්යක්ෂම පාලනය අධිරාජ්‍යයන්ගේ බිඳවැටීමට හේතු වූ ඓතිහාසික උදාහරණ උපුටා දක්වමින් දෝවාල් මහතා නැවත සිය මතය අවධාරණයට ලක් කළා.

Share This