ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට විසඳුමක්

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට විසඳුමක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී පෙර සාකච්ඡා වූවා යැයි කියන ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බව නිර්දේශ කර තිබෙනවා

ඒ අදාල ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ නිර්දේශ මතයි

එමෙන්ම විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවත් එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා

එම කමිටුව අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත වු බව අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව ද එහි දැක්වෙනවා

Share This