ෂොපින් යද්දි මතක ඇතුව බෑග් ගෙනියන්න – ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් නීතිය අද සිට

ෂොපින් යද්දි මතක ඇතුව බෑග් ගෙනියන්න – ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් නීතිය අද සිට

වෙළඳසැල්වලින් ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කිරීමේ නීතිය අද සිට බලාත්මකයි.

කෙසේ වෙතත් බොහෝ වෙළදුන් අද දිනයේදීත් පොලිතින් මලු සදහා පාරිභෝගිකයින්ගෙන් මුදලක් අය කරගෙන නොතිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

භාණ්ඩ අලෙවි කිරීමේදී පොලිතීන් බෑග් නොමිලේ ලබාදීම නොකළ යුතු බවට වන නීතිය අද සිට ක්‍රියාත්මකයි.

මුදලක් අයකර එහි පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහි සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවලදී අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් යන අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද බහාලුම් මලු කිසිදු පාරිභෝගිකයකුට නොමිලේ ලබා නොදිය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

අද සිට අදාළ ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This