
සයිබර් අවකාශයෙන් ප්‍රවේශම් වන ලෙස පොලීසිය කාන්තාවන්ට සහ ළමුන්ට කියයි
මේ වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ සයිබර් අවකාශය හරහා ළමුන් 28 ක සහ කාන්තාවන් 118 ක් ලිංගික අතවරයන්ට ගොදුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මාධ්‍ය වෙත ඔහු පවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මත්ද්‍රව්‍ය සදහා ද සැලකිය යුතු ළමුන් පිරිසක් ඇබ්බැහි වී ඇති බවටයි.
2024 වසර තුල සයිබර් අවකාශය ඔස්සේ ළමුන් 15 ක් සහ කාන්තාවන් 375 දෙනකු ලිංගික අතවරයන්ට ගොදුරුව තිබෙනවා.
ඉන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 114 ක්.
2024 වසරේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ ළැමුන් 282 නකු පොලීසියට වාර්තා වී ඇති අතර මේ වසරේ ගත වූ මාස 09 ට ළමුන් 206 දෙනකු මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ ළමුන් පොලීසියට වාර්තා වී තිබෙනවා.
