සුඩානයේ සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගත් අය කියන ආන්දෝලනාත්මක කතා – සිදුවූ ඝාතන සහ ස්ත්‍රී දූෂණ ගැන හෙළිවෙයි

සුඩානයේ සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගත් අය කියන ආන්දෝලනාත්මක කතා – සිදුවූ ඝාතන සහ ස්ත්‍රී දූෂණ ගැන හෙළිවෙයි

සුඩානයේ සිවිල් යුද්ධයට හසු වූ සිවිල් වැසියන් ස්ත්‍රී දූෂණ, වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ මරා දැමීම් පිළිබඳව හෙළිකර තිබෙනවා.

මෙම ගැටුම මෑත ඉතිහාසයේ දරුණුතම අමානුෂීය ක්‍රියාවක් බවයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නිලධාරීන් පවසන්නේ.

මීට වසර 20 කට පෙර එක්සත් ජනපදය විසින් ජන සංහාරය (genocide) ලෙස හැඳින්වූ දෙයෙහි පුනරාවර්තනයක් රටේ බටහිර ප්‍රදේශයේ ඩාර්ෆූර් හි නැවත පටන් ගනී යැයි බියක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙබරවාරි මාසයේ මැදදී සුඩාන හමුදාව නගරය නැවතත් අත්පත් කර ගත්තා.

සිවිල් වැසියන් නගරය අතහැර ආපසු යාමට පටන් ගෙන තිබුණත් ප්‍රධාන වීදිවලට නිරන්තරයෙන් මෝටාර් ප්‍රහාර එල්ල වනවා.

ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ ගිය සිවිල් යුද්ධය ආවරණය කිරීමට ප්‍රවේශය ලබා ගැනීම ඉතාමත් දුෂ්කර වූ බවයි.

රටේ හමුදාව සහ Rapid Support Forces (RSF) පැරාමිලිටරි කණ්ඩායම අතර දරුණු බල අරගලය රට පුරා මිනිසුන් 14,000 ඝාතනය කර තිබෙනවා.

ඒ අනුව වසරකට ආසන්න කාලයක් හමුදාව සහ RSF අතර කාර්ටූම් සහ ඒ ආසන්න නගර සම්බන්ධයෙන් සටන් කර ඇති බව සඳහන්.

ඩාර්ෆූර් සිට අසල්වැසි චැඩ් වෙත පලා ගිය කාන්තාවන්, මිලීෂියාවරුන් විසින් සිදුකර ඇති අතවර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හෙළි කර තිබෙනවා.

කෙසේ වෙතත් ඩාර්ෆූර් නගරයේ සිට පළාගිය පිරිස නිසා තම ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළි වේ යැයි එරට හමුදාව බිය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This