සෝමාලියාවේ දරුණු සටන්

සෝමාලියාවේ දරුණු සටන්

මධ්‍යම සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් Mudug ප්‍රදේශයේ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

Mogadishu අගනුවර ඇසින් දුටු සාක්ෂිකරුවන් BBC පුවත් සේවයට පවසා ඇත්තේ වෙඩි තැබීම් සහ පිපිරීම් ඔවුන්ට ඇසුණු බවයි.

ප්‍රහාරය ආරම්භ වූයේ රජයේ විශේෂ බළකාය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසුව බවටයි වාර්තා වී ඇත්තේ

සෝමාලියානු ජාතික පුවත් ඒජන්සිය (Sonna) වාර්තා කරන්නේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව හමුදාව ප්‍රහාරය ව්‍යර්ථ කළ බවයි

තමන් හමුදා කඳවුරු පහක් අත්පත් කරගෙන සොල්දාදුවන් රැසක් මරා දැමූ බව අල්-ෂබාබ් කියා සිටිනවා

Share This