
හෙළයේ ගීත කෝකිලාවිය ගේ 91 වැනි උපන්දිනය සමරන්න ව්පක්ෂනායකත් යයි
ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම දිනය සැමරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එතුමියගේ නිවස වෙත ගොස් ඇයට සුබ පැතුම් එක්කළා.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළා.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රෝහණ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, ජේ. සී. අලවතුවල, දිලිප් වෙදආරච්චි, එම්. ධර්මසේන, සුජීව සේනසිංහ, කිංග්ස් නෙල්සන්, චිත්‍රාල් ප්‍රනාන්දු, බි. ආරියවංශ හා දයාන් විතාරණ මහතා ප්‍රමුඛ ගායක ගායිකාවක් සහ ලතා වල්පොළ මහත්මියගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
විපක්ෂ නායකවරයා එහිදී ඇය සමග ගීතයක් ගායනා කිරීමේ අවස්ථාවට එක් වුණා.




