ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

අප්‍රේල් 01 වැනිදා සිට දින හතරක් පුරා මෙම පෙත්සම් විභාගය පැවැත්වු අතර අප්‍රෙල් 04 වැනිදා එහි තීන්දුව ලබා දෙමින් මෙම නියෝග නිකුත් කළ බව සඳහන්.

මෙම නියෝගය නිකුත් කරන තුරු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, 04 වැනිදා තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කොට ඇති බවයි වාර්තා වන්නේ.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 37ක් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Share This