ආපදාවන්ගෙන් හාර ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට

ආපදාවන්ගෙන් හාර ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හාර ලක්ෂ 1707 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී ඇති අතර තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කරනු ලැබූ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ආපදා හේතුවෙන් නිවාස 102ක් පුර්ණ හානියට ලක්ව ඇති අතර නිවාස 1952ක් අර්ධ හානියට ලක්ව තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

Share This