උගන්ඩාවේ 13 දෙනෙකු මරුට
නැගෙනහිර උගන්ඩාවේ හටගත් නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
නිවාස 40කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර පවතින ආපදා නිසා අතුරුදන් වී සිටින පිරිස් සොයා මෙහෙයුම් ආරම්හ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් සැක පළ කරනවා.