කතුන් තිදෙනෙක් මෙහෙයවූ සූදු පොළක් වටලයි

කතුන් තිදෙනෙක් මෙහෙයවූ සූදු පොළක් වටලයි

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය සූදූ පොළක් වටලා කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය දිනවල කොවිඩ් ව්‍යාපෘතියේ අවදානම නිසා වෙහෙරයාය ප්‍රදේශය හුදෙකලා කර තිබූ ප්‍රදේශයක් බවද කුඩාඔය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මුදල් සහ ජංගම දුරකථන රැසක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විස්සත් හැටත් අතර පසුවන්නන් වනවා

මෙම සැකකරුවන් අද (3) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This