“කොන්දොස්තර නොමැතිව බස් දුවන්න සුදානමක්” – මුදල් ලබා ගන්නේ මෙලෙසයි

“කොන්දොස්තර නොමැතිව බස් දුවන්න සුදානමක්” – මුදල් ලබා ගන්නේ මෙලෙසයි

කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ඒ සඳහා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත යන වගන්තිය සහිත හෝ රහිතව ලෙස සංශෝධනය කරන ලෙස ද තමන් ඉල්ලා සිටි බවයි ඔහු සඳහන් කළේ.

රියදුරු මහතා අසළ මුදල් ලබාගැනීමට පෙට්ටියක් සවි කිරීමට අදහස් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් liveat8.lk වෙබ් අඩවියට කියා සිටියේ.

කොන්දොස්තරවරයා නොමැතිව මේ වන විටත් ඇතැම් බස්රථ ධාවනය වන බවත් ඔහු පෙන්වා දුන්නා.

Share This