
කොරියාවේ යන්න සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 09 සිට
2022 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනෙකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනෙකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
විභාගය සමත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 09, 10, 11, 12 හා 14 යන දිනයන්හීදි පැවැත්වීමට නියමිත අතර, අයදුම්කරුවන්හට තමන් පදිංචි ස්ථානයට ආසන්නයේම ඇති කාර්යාංශයේ ශාඛා කාර්යාලයකට පැමිණ සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකියි.
මෙම අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරික්ෂණ නොවැම්බර් මස 03 දින සිට පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙන දිනයන් හා පොලිස් වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් www.slbfe.lk
Home – Sri Lanka Foreign Employment Bureau – slbfe.lk
Head Office – # 234 Denzil Kobbekaduwa Mawatha Koswatta, Battaramulla Tel: +94 112 864101 – 105, +94 112880500 Email: [email protected]
www.slbfe.lk
යන කාර්යාංශ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටිනවා..
2022 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා ශ්‍රී ලාංකිකයින් 4329 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා 3481 දෙනෙකුද, ධීවර ආශ්‍රිත රැකියා සඳහා 795 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා 04 දෙනෙකුද ඔවුන් අතර වනවා.