
ගුරු – විදුහල්පතිවරු අදත් අසනීපෙන්
ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේදීත් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කීපයකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස විරෝධතාවක නිරත වන්නේ
අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයේ දී ගුරු – විදුහල්පති වෘත්තීය සමිත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධා මතු වුණා.
කෙසේ වෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ