ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වග කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

මේ අවුරුද්දේ මේ වන විට ත්‍රිපෝෂ පැකට ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදාහැර ඇති අතර ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවතිනවා.

වසර 50ක් තිස්සේ ශ්‍රිලංකාවේ මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට ලබාදෙන බොහොම පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This