
නීතිපතිගේ සේවා දිගුවට ජනපති ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත්තේ නැහැ.
ඒ අනුව අද (18) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
එහිදී අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් පැවැත්වූ බව සඳහන්.
ඒ අනුව අදාළ නිර්දේශයට පක්ෂව ඡන්ද 03ක් පමණක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 05ක් ලැබීම හේතුවෙන් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතයි.