
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේ දායකත්වය
2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැඳවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කළා.
වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන්70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ ක්‍රියාන්විතය සාර්ථක කිරීමටනම්, සූර්ය බලශක්තියෙන් 4800MW සහ සුලං බලශක්තියෙන් 3500MW ක ධාරිතාවයෙන් ජාතික පද්ධතිය බලගැන්විය යුතු බවත්, මෙම ධාරිතාව 2022-2030 කාල පරාසය තුල ජාතික පද්ධතියට එක් කිරීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම කල යුතුව ඇති බවත් පවසන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් ආයෝජනය කිරීම සදහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ගේ යෝජනා කැඳවීමට 2021/08/30 දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බවයි වැඩිදුරටත් අවධාරණය කළේ
මේ අනුව 50MW වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැඹුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා කැදවනවා.
පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ ව්‍යාපෘති හරහා දේශීය රැකියා අවස්ථා පුලුල් කිරීම, ආනයනික පොසිල ඉන්ධන මත යැපීමේදී සිදුවන ජාතික ධන හානිය එනම් දල ජාතික නිශ්පාදනයෙන් ඉන්ධන ආනයනය සදහා වැය කරන 25% ට වැඩි ජාතික ධනය ඉතිරි කිරීමේ උතුම් කර්තව්‍යය ඇතුලු සුවිශාල ජාතික මෙහෙයක් මෙමගින් මව් පොළවට ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ