
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක ගේ සියදිවි නසාගැනීම පිටුපස සිටින පොලිස් ලොක්කා සහ ව්‍යාපාරිකයා මෙන්න
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ගෙල වැළලාගෙන මියයාමට පෙර ලියා තැබූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම ලිපියට අනුව අදාළ විපක්‍ෂ නායකවරයා දැඩි ආර්ථික පීඩනයක සිටි බවට කරුණු අනාවරණ වී ඇති අතර එහි පොලිසියේ ඉහළ නිලධාරියෙකුගේ නමක්ද සඳහන් වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඊයේ අලුයම සිට පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ අනුව විපක්‍ෂ නායකවරයා නිවසෙන් පිටත කොටසක ගෙලවැලලාගෙන මියගොස් සිටි අතර ඔහුගේ බිරිඳ සහ වැඩිමහලු දියණියගේ මළ සිරුර නිවසේ කාමර දෙකක තිබියදී පොලිසිය සොයා ගත්තා.
කෙසේ වෙතත් ඔවුන්ගේ 13 හැවිරිදි බාල දියණිය දිවි ගලවාගෙන තිබූ අතර ඇය පොලිසියට ප්‍රකාශයක්ද කර තිබුණා.
පොලිසිය පැවසුවේ ඇය ඊට පෙර දින අධ්‍යාපන චාරිකාවකට සහභාගි වී ඇති අතර පාසලේ සිට ඇය නිවසට රැගෙන විත් ඇත්තේද සිය පියා බවයි.
නිවසට පැමිණ ටික වේලාවකට පසු සිය පියා තමන් වැළඳගෙන හැඬු බවත් පියාගේ සුරතේ වයර් කැබැල්ලක් තිබූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
පසුව පියා නිවසින් පිටත කොටසක ගෙල වැළලාගෙන සිටිනු අයුරු තමන් දුටු බවත් මව සහ සොහොයුරිය කාමර දෙකක වැටී සිටි බවත් ඒ අනුව ඒ පිළිබඳ තමන් ඥාතීන්ට දැනුම්දුන් බවත් බාල දියණිය පැවසූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව ඥාතීන් පොලිසියට කළ දැනුම්දීම අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
චම්පික නිලන්ත මහතා ගෙල වැළලාගැනීමට පෙර ලියන ලද පිටු 4ක ලිපියක් ද පොලිස් විමර්ශන කණ්ඩායමට ලැබී තිබෙනවා.
අදාළ ලිපියට අනුව චම්පික නිලන්ත මහතා දැඩි ආර්ථික පීඩනයකින් සිටි අයෙකු බව පොලිසිය පැවසුවා.
පොලිසිය පැවසුවේ එම ලිපියේ චම්පි නිලන්ත මහතාට විජේසිංහ නමැති පුද්ගලයෙකු මරණ තර්ජන කළ බවට සටහන් කර ඇති බවයි.
සිය නිවස විකුණා දමන්නේ නැතිනම් මරා දමන බවට විටින් විට තර්ජනය කර ඇති බවත් දියණියගේ පාසල අසළ දියණිය සමඟ සිටියදී විජේසිංහ නමැත්තා තමන්ට තර්ජනය කර පහරදුන් බවටත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යම් ලේඛනයකට අත්සන් කිරීමට විජේසිංහ නමැති පුද්ගලයා බල කළ බවත් ඊට අවනත නොවීම නිසා යකඩයකින් හිසට පහරදුන් බවත් එම කැළල තාමත් සිය හිසේ ඇති බවත් චම්පික නිලන්තගේ ලිපියේ සඳහන්.
මේ අතර මුල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන්ද අදාළ ලිපියේ සටහන්ව ඇති අතර මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ නමද ලිපියේ සඳහන්ව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලිසිය පැවසුවේ අදාළ ලිපිය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති අතර ලිපියේ සඳහන් විජේසිංහ නමැත්තා සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි.
කෙසේ වෙතත් එම පුද්ගලයාද සිය නම අදාළ ලිපියේ සඳහන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මේ අතර ගෙල වැළලාගෙන මියගොස් සිටි විපක්‍ෂ නායක චම්පික නිලන්ත මහතාගේ සහ අභිරහස් ලෙස මියගිය ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ මළ සිරුරු ඊයේ පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහල වෙත රැගෙන ගියා.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේම අදාළ මළ සිරුරු ඥාතීන් වෙත භාර දී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද අලුයම එම මළ සිරුරු නිවස වෙත රැගෙන ආ බවයි.
මියගිය විපක්‍ෂ නායකවරයා ඔහුගේ බරිඳ සහ දියණියගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.