
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව විරෝධය පළ කරමින් එම වැඩවර්ජනය ආරම්භ කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
අදාළ ගැටලුව විසඳීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයා ද නිසි මැදිහත්වීමක් සිදු නොකරන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු කළ ද එයින්ද විසඳුමක් හිමි නොවූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.