ලකුණු 191කට සීමාවූ දකුණු අප්‍රිකානු පළමු ඉනිම

ලකුණු 191කට සීමාවූ දකුණු අප්‍රිකානු පළමු ඉනිම

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ අගනා පිති හරඹයක නිරත වූ නායක ටෙම්බා බවුමා පන්දු 117කදී ලකුණු 70ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට බවුමාට අමතරව Keshav Maharaj ලකුණු 24ක් ලබා ගත් අතර කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු විස්සේ සීමාව පසු කරයාමට අවස්ථාව හිමිවුණේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 3 බැඟින් බිඳ හෙලීමට සමත් වුණා.

විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා කන්ද්යාම මේ වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිනවා.

Share This