ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට පියවර

ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට පියවර

ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අප්‍රේල් මාසයේදී පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවයි සඳහන් වන්නේ.

එම අනුමැතියට අනුව ණය සම්මුති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකුවේ ආයතනික ධාරිතා සංවර්ධනය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය යන සංරචකයන් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Share This