
සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 13, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත කොළඹ 01 යන ස්ථානයේ පිගිටි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු මහජන සබඳතා කවුළුවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනෙකු කොවිඩ් අසාදිත බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එම ගොඩනැගිල්ලේ පිගිටි මහජන සබඳතා කවුළු හෙට (11) දිනයේ සිට 2021.08-20 වැනිදා දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සියලු විමසීම් හා තොරතුරු සඳහා 0112206690 – 94 දක්වා වන දුරකතන අංකය සහ https://epf.lk/ වෙබ් පිටුව භාවිත කළ හැකි බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.