
හඳුනා නොගත් මත් පෙති ජාවාරමක නිරත වූ අයෙක් අත්අඩංගුවට (PHOTOS)
නීති විරෝධී හඳුනා නොගත් මත් පෙති තොගයක් ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නිවසක ඇඳුම් අල්මාරියක තිබී මෙම මාත් පෙති තොගය සොයාගෙන ඇති අතර මත් පෙති ජාවාරමෙන් උපයාගත් බවට සැක රුපියල් 67,250ක මුදලක් ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරු දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.