අඛණ්ඩව ජුනි මාසයේ අපනයන ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි

අඛණ්ඩව ජුනි මාසයේ අපනයන ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි

මෙම වසරේ ජුනි මාසයේ දී අපනයන ඉපැයීම් අඛණ්ඩව දෙවන මාසය සඳහා ද අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

2023 වසරේ ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් ද පෙන්නුම් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

අයවැය සහය සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමත් සමග ජුනි මාසය අවසන් වන විට දළ නිල සංචිත මට්ටම අමෙරිකානු ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ නංවා තිබෙනවා.

වෙළඳපොළ බලවේග විසින් විනිමය අනුපාතිකය තීරණය කිරීම පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසයේ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

Share This