පළා නො යන බව යුක්‍රේන ජනාධිපති කියයි

පළා නො යන බව යුක්‍රේන ජනාධිපති කියයි

තමා තවමත් කියුව් අගනුවර අතහැර පළාගොස් නොමැති බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

තමන් සමඟ අගමැතිවරයා, ජනාධිපති උපදේශකවරයා සහ ජනාධිපති කාර්යාල ප්‍රධානීයාත් රැඳී සිටින බවයි විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

යුක්‍රේන අගනුවර තම ජනතාව සමඟම තවදුරටත් රැඳී සිටින බවයි ඔහු එම වීඩියෝව මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර රුසියාව සමඟ සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි යුක්‍රේන ජනාධිපති සඳහන් කරන්නේ.

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියාව ඊයේ ප්‍රකාශ කළ අතර, ඒ සඳහා ස්ථාන කිහිපයක්ම යෝජනා වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සාම සාකච්ඡා සම්බන්ධයෙන් නිශ්චිත වේලාවක් සහ ස්ථානයක් දෙපාර්ශ්වයම විසින් තවමත් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

Share This