අගමැතිනියගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ඡාව ගුරු සංගම් මගහරී

අගමැතිනියගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ඡාව ගුරු සංගම් මගහරී

සමාජය පරිවර්තන යුගයකට ගෙනයාමට අවශ්‍ය මානව සම්පත බිහිකරන වැඩපිළිවෙළක් ලෙස යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැලකිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළ කළා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

කෙසේ නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ගුරු සංගම් විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටව ගියා.

 

Share This