අගමැතිනිය සහ UNFPA නියෝජිත අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා
ඒ ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි
ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බවයි එහිදී ඔහු පැවසුවේ
මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා පෝෂණය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර තිබෙනවා
එහිදී අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය සතුටුදායක මට්ටමක පවතින අතරම, තීරණ ගැනීමේ භූමිකාවන්හි ඔවුන්ගේ මැදිහත්වීම වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි එහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ