අගමැති මෝදි ගාසා යුද්ධයේදී සිදුවන සිවිල් වැසියන්ගේ මරණ හෙළා දකියි

අගමැති මෝදි ගාසා යුද්ධයේදී සිදුවන සිවිල් වැසියන්ගේ මරණ හෙළා දකියි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 7 වැනි දින ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ නොසැලෙන ස්ථාවරය අවධාරණය කර තිබෙනවා .

ගැටුම් නිරාකරණයේ මූලික අඩිතාලම ලෙස සංයමයෙන් කටයුතු කිරීමේ සහ සංවාදයට ප්‍රමුඛත්වය දීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ

2nd Voice of Global South සමුළුවේ සමාරම්භක සැසිවාරයේදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමේදී සිවිල් වැසියන් මියයාම පිළිබඳවද අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එය තරයේ හෙළා දකින බවයි

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පලස්තීන ජනතාවට මානුෂීය ආධාර යවා ඇති බවත් ගෝලීය යහපත සඳහා ගෝලීය දකුණේ රටවල් එක්විය යුතු කාලය මෙය බවත් සඳහන් කරනවා

Share This