
අගමැති මෝදි හමුවූ හිටපු ජනපති රනිල්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉන්දියාවේදී සිදුවී තිබෙනවා.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදියාවේ නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ සංවිධානය කෙරුණු දෙසුමක් සඳහා සහභාගී වීමට ගිය අතරවාරයේදී රනිල්-මෝදි හමුව සිදුවී ඇති බව සඳහන්.
එම හමුවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා X සටහනක් තබමින් ” මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.