අගමැති වතිකානයට යනවා ද ?

අගමැති වතිකානයට යනවා ද ?

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට යන ගමන ප්‍රයෝගකාරී ගමනක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසනවා.

මෙම වතිකාන ගමන ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් තුරුම්පුවක් බවත් එම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කාදිනල්තුමෝ කොළඹ අගරදගුරු මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය නිවේදන නිකුත් කරමින් සඳහන් කරන්නේ එම සංචාරයේදී පාප් වහන්සේ වතිකානයේ දී හමුවන බවට පල වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This