අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහ විදේශකටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සහ විදේශකටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

වතිකානු ශුද්ධාසන රාජ්‍යයේ, රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් (Paul Richard Gallagher) හිමිපාණන් අද (04) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසුණා.

එතුමන් පිළිගැනීමට ලැබීම මහත් ගෞරවයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පැවසුවා.

අමාත්‍යවරයා පවසන්නේ ශුද්ධාසනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳව අවංක කෘතඥතාව පළ කරන බවයි.

එමෙන්ම මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50 සපිරීම සමරමින්, අප අතර පවත්නා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This