
අගලවත්ත ප්‍රාදේශීය සභාව මාලිමාවට
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ තීරණාත්මක පළමු සභාවාරය අද (27) දින බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
සමාරම්භක සැසියේදී සභාපති ධූරය සඳහා ජාතික ජන බලවේගයෙන් බී.ඒ ලලිත් කුමාරරත්න මහතා ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය කුලප්පු තන්ත්‍රිගේ දොන් වින්දික කරුණාසේන මහතා ගේ නම යෝජනා කළා.
බහුතර සභික ඉල්ලීම් අනුව රහස් ඡන්දයක් මගින් සභාපතිවරයා තෝරාගැනීමට තීරණය වූයේ රහස් ඡන්දයකට පක්ෂව 11 සහ විවෘත ඡන්දයකට පක්ෂව ඡන්ද 09 ක් ලෙස ලැබීමෙන්.
ඒ අනුව පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 11 ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ අතර සභාපතිවරයා ලෙස ලලිත් කුමාරරත්න මහතා තේරීපත් වුණා.
ඒ ජාතික ජන බලවේගයට ඡන්ද 11 සහ සමගි ජන බලවේගයට ඡන්ද 09 ක් ලෙසින් හිමිවීමෙන්.
උප සභාපති ධූරය සඳහා ද සභිකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වූ අතර ඒ සදහා ස්වාධීන කණ්ඩායම අංක 1 න් තේරී පත් වූ ජයලත් ආරච්චිගේ දොන් ඉන්දික චතුරංග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රණවක ආරච්චිගේ දොන් ක්‍රිෂාන්ත චාමින්ද රණවක යන මහත්වරුන්ගේ නම් යෝජනා වුණා.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 12 ක් ලබාගනිමින් උප සභාපති ධූරය සඳහා ස්වාධීන කණ්ඩායම අංක 1 ඉන්දික ජයලත් මහතා තේරීපත් වුණා.