
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුණගැසේ.
වැන්කුවර් හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට කැනඩාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව මුණගැසී තිබෙනවා.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, සරේ හි පැවති “ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සන්ධ්‍යාවක්” යන විශේෂ හමුවට ඇය එක් වූයේ ඒ අනුවයි.
මෙම අවස්ථාවට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ආගමික නායකයින්, සහ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ අතර අග්‍රාමාත්‍යවරිය සමඟ අදහස් බෙදා ගැනීමට මෙය ඔවුන්ට අවස්ථාව හිමි වුණා.