
අඟුරුවාතොට වෙල්යායක පහරදී ඝාතනය වු පුද්ගල මළ සිරුරක්
අඟුරුවාතොට පොලිස් වසමේ වතුගොඩ වෙල්යායක අභිරහස් ලෙස පහරදී ඝාතනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වෘත්තියෙන් පෙදරේරුවෙක් වන (29) හැවිරිදි ප්‍රදීප් හර්ෂන නැමති එක්දරු පියෙක්.
මළ සිරුර මුලින්ම දැක ඇත්තේ නිව්චැටල් වතුයායට අයත් වතුගොඩ කොටසේ මුරකරු වන අතර අනතුරුව අඟුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා පසුගිය (4) වන දින රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඊයේ පස්වරුව වන තුරු නිවසට පැමිණ නොමැති අතර ඒ පිළිබඳව නිවැසියන් සොයා බැලුවත් තොරතුරක් සොයා ගැනීමට හැකිව නැහැ.
මරණකරුගේ මුහුණ වම් ඇස සහ නාසය ප්‍රදේශයට හා දණහිස්ස ප්‍රදේශයට පහරදීම් කිහිපයක් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
