අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු ආරම්භය හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිතයි.
අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්රමාණයක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්රමාණයක් අස්වැසුම ප්රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණා.
කෙසේවෙතත් මේ වන විට ප්රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්රමාණයක් සඳහා අස්වැසුම ප්රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළා.
මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5000 බැගින් මාසිකව අස්වැසුම ප්රතිලාභීන් වෙත ලබාදීම සිදුවනු ඇති.